GMOA අවසන් තීරණය මොකක් වෙයිද?

Report

තම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකරන්නේ නම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට අදාළ තීරණය අද (28) දින ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කර ඇත.

අද දිනයේ පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කර මහජනතාව දැනුවත් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව පසුගිය සදුදා උදෑසන සිට එම සංගමය විසින් බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුල නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම ඇතුළු කරුණු 05ක් ඔස්සේ වර්ජනයක් ආරම්භ කරනු ලැබීය .

අඛණ්ඩ වෛද්‍ය වර්ජනය ගැන අවසන් තීන්දුව අද

අඛණ්ඩ වෛද්‍ය වර්ජනය ගැන අවසන් තීන්දුව අද