තෙල් මිල පහළ යයි
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඊයේ (05) දින සුළු වශයෙන් පහත වැටුණු බව සඳහන්.
ඒ අනුව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ප්‍රධාන වශයෙන් ඉල්ලුම දුර්වල වීම සහ බොරතෙල් සැපයුම වැඩිවීම පිළිබඳ අවිනිශ්චිතතාව මෙම මිල පහත වැටීමට හේතු වී ඇති බවයි.
කෙසේ වෙතත් සටහන්ව ඇති ලෙස වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල සියයට 0.71කින් පහත වැටී බැරලයක් ඩොලර් 60.13ක් වේ.
බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල සියයට 0.62කින් පහත වැටී ඩොලර් 64.04ක් ලෙස සටහන් වේ.
මේ අතර ආසියාවේ මන්දගාමී කාර්මික ක්‍රියාකාරකම් සහ දුර්වල බලශක්ති පරිභෝජනය නිසා ගෝලීය ආර්ථික වර්ධනය පිළිබඳව ආයෝජකයින් අතර අවිනිශ්චිතතාවක් ඇති බව වාර්තා වේ.
එසේම අමෙරිකානු ඛනිජ තෙල් ආයතනය (API) මඟින් නිකුත් කරන ලද දත්තවලින් එක්සත් ජනපදයේ බොරතෙල් තොග අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇති බව දැක්වේ.
කෙසේ වෙතත් මෙය මිල පහත වැටීමක් සඳහා හේතු වී තිබෙනවා.
මේ අතර එක්සත් ජනපද තොග ඉහළ යාම සාමාන්‍යයෙන් ඉන්ධන පිරිපහදුකරුවන්ගේ ඉල්ලුම දුර්වල වීමක් හෝ ගබඩාවලට ගලා ඒම අඩුවීමක් සංඥා කරනු ලබන බව සඳහන්.