මැදපෙරදිග අර්බුදයට තාවකාලික නැවැත්මක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඉහළ යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රතිශතයකින් පහත වැටී තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7.63%කින් පහත වැටී ඇමරිකානු ඩොලර් 104.77ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ.
ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වීමේ හැකියාව පිළිබඳ සංඥා මතුවීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙරිකාව සමඟ මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ඉරානය ප්‍රකාශ කර ඇති අතර, දැඩි කොන්දේසි යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ද යෝජනා කර තිබේ.
මේ අතර, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත නව සාකච්ඡා පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ලිපියක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාස කිහිපයකට පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ඉරානය සම්බන්ධයෙන් ගත් ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස මෙම ලිපිය යොමු කිරීම සැලකෙන බව ද වාර්තා වේ.