කලාවැවේ ජල මට්ටම ඉහළ යයි - වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර
රටේ මේ වනවිට උද්ගතව ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් කලාවැවේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ එහි වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගෙන ඇත.
වාර්තා වන ආකාරයට වාන් දොරටු හරහා තත්පරයකට ඝන අඩි 1,422ක ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහැරෙයි.
කලාවැව භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසන්නේ කලාවැවේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ දඹුලු ඔය ඔස්සේ තත්පරයකට ඝන අඩි 6,000කට ආසන්න ජල ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවයි.
ඒ අනුව කලාවැවේ ජල ධාරිතාව අක්කර අඩි 86,280ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන් වේ.