සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 20ක්- නියෝජ්‍ය කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 20ක පිටපත් කථානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත .
අද (03) පැවති පාර්ලිමේන්තු සභා වාරය අමතමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි .