2009 නාරාහෙන්පිට සහල් ලොරි කොල්ලයේ නඩුවේ තීන්දුව - කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

Report

2009 වසරේදී නාරාහෙන්පිට ප්‍රදේශයේදී සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් මස 13 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද (03) මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී බන්ධනාගාරගතව සිටින විත්තිකාර සම්පත් මනම්පේරි මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර, සෙසු විත්තිකරුවෝ ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩුව කැඳවීමෙන් අනතුරුව එහි තීන්දුව නොවැම්බර් මස 13 වැනිදා ප්‍රකාශයට පත් කරන බව විනිසුරුවරයා දැනුම් දුන්නේය.

2009 වසරේදී නාරාහෙන්පිට ප්‍රදේශයේදී සහල් තොගයක් රැගත් ලොරියක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.


විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්

විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්

මැදපෙරදිග අර්බුදයට තාවකාලික නැවැත්මක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

මැදපෙරදිග අර්බුදයට තාවකාලික නැවැත්මක් - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට