ඔබත් රජය රජයේ සහනාධාර බලාපොරොත්තු වන්නේ ද..? තොරතුරු රැස් කිරීම අරඹයි..
ජනතාවට සුබසාධක සහනාධාර ප්‍රතිලාභ ගෙවීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන බව සුබ සධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී.විජයරත්න මහතා කොළඹ මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැසීය.
මේ වන විට සමෘද්ධි , වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම එම ආධාර අපෙක්ෂවෙන් පෙරොත්තු ලේඛනවල සිටින්නන්ද නියමිත දත්ත පත්‍රිකා සම්පූර්ණකර ග්‍රාම නිලධාරී මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාවලට බාරදිය යුතු බව ද විජයරත්න මහතා පවසයි.
තෝරාගන්නා ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රදර්ශනය කරන අතර ජනතාවට අභියාචනාකිරීමට හෝ විරෝධතා දැක්වීමට එමගින් අවසථාව හිමිවන බව ද සභාපතිවරයා කීවේය.
විනිවිද භාවයකින් කටයුතු කර නියම සුදුස්සන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා වන මෙම වැඩසටහන යටතේ ලබන ජනවාරි මාසයේදී පමණ සහනාධාර පිරිනමන බව ද විජයරත්න මහතා පැවිසීය.