බොරු සාමය ඉවරයි - නෙතන්යාහුගෙන් ජන සංහාරයෙන් දවසින් 33ක් මරයි

Report
Courtesy: BBC

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා විසින් ගාසා තීරයට වහාම ‘බලගතු ප්‍රහාර’ එල්ල කරන ලෙස හමුදාවට නියෝග කර ඇති බව වාර්තා වේ.

සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ බිඳෙනසුලු සටන් විරාමය මුළුමනින්ම බිඳ දමමින්, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡාවකින් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සිවිල් ආරක්ෂක ඒජන්සිය සහ රෝහල් නිලධාරීන් පවසන්නේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 33 දෙනෙකු මියගිය බවයි. මෙම ප්‍රහාර ඊශ්‍රායලය එල්ල කළේ, එක්සත් ජනපදය මැදිහත් වූ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස හමාස් සංවිධානයට චෝදනා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙනි.

බොරු සාමය ඉවරයි - නෙතන්යාහුගෙන් ජන සංහාරයෙන් දවසින් 33ක් මරයි | Gaza Ceasefire Breaks Israel Hits Gaza

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අද(28) ගාසා තීරයේ ඊශ්‍රායල සොල්දාදුවන්ට පහර දුන් බවත්, මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබාදීමේ කොන්දේසි කඩ කළ බවත් හමාස් සංවිධානයට චෝදනා කළේය. ප්‍රහාරයට තමන්ට "කිසිදු සම්බන්ධයක්" නොමැති බව හමාස් ප්‍රකාශ කළ අතර, සටන් විරාම ගිවිසුමට තමන් කැපවී සිටින බව අවධාරණය කළේය.

මෙම පියවර, සටන් විරාම ගිවිසුම යටතේ හුවමාරු කිරීමට නියමිතව තිබූ ප්‍රාණ ඇපකරුවන්ගේ දේහ 13ක් තවමත් ගාසා තීරය තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් හමාස් සංවිධානයට එල්ල වූ චෝදනා මත පදනම් වී ඇත. නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ, හමාස් විසින් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවයි.

කෙසේ වෙතත්, ගාසා තීරයේ රජයේ මාධ්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ, ඔක්තෝබර් 10 වැනිදා සටන් විරාමය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය විසින්ම උල්ලංඝනය කිරීම් 125කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බවයි. එමඟින් පලස්තීනුවන් 94 දෙනෙකු ඝාතනය වී ඇත. මේ වන විට දකුණු ගාසා තීරයේ ස්ථාන කිහිපයකට බෝම්බ හෙලීම් වාර්තා වී ඇති අතර, එක් දිනක් තුළ පමණක් 20 දෙනෙකු මිය ගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇත.

බොරු සාමය ඉවරයි - නෙතන්යාහුගෙන් ජන සංහාරයෙන් දවසින් 33ක් මරයි | Gaza Ceasefire Breaks Israel Hits Gaza

දේහ හුවමාරුව: විශ්වාසය පළුදු වූ තැන

සටන් විරාම බිඳවැටීමට ප්‍රධාන හේතුව වූයේ ප්‍රාණ ඇපකරුවන්ගේ දේහ හුවමාරුව සම්බන්ධ අර්බුදයයි.

ඊශ්‍රායල චෝදනා

හමාස් විසින් මෑතකදී භාර දුන් මානව දේහ කොටස්, අතුරුදහන් ප්‍රාණ ඇපකරුවන්ට අයත් නොවන බවත්, ඒවා වසර දෙකකට පෙර ඊශ්‍රායල හමුදාව සොයාගත් සිරුරකට අයත් බවත් නෙතන්යාහු ප්‍රකාශ කළේය. හමාස් දේහ භාරදීම “වේදිකාගත” කිරීමට උත්සාහ කළ බවද චෝදනා කෙරේ.

බොරු සාමය ඉවරයි - නෙතන්යාහුගෙන් ජන සංහාරයෙන් දවසින් 33ක් මරයි | Gaza Ceasefire Breaks Israel Hits Gaza

හමාස් ප්‍රතිචෝදනා:

මෙම චෝදනා “සම්පූර්ණයෙන්ම පදනම් විරහිත” යැයි හමාස් සහ අල්-කසාම් බළකාය ප්‍රතික්ෂේප කළේය. ඊශ්‍රායලය තම සොල්දාදුවන්ගේ දේහ සොයා ගැනීමට බාධා කරන බවත්, රතු කුරුසය සහ පලස්තීන කණ්ඩායම්වලට ප්‍රදේශවලට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර ඇති බවත්, බර යන්ත්‍රෝපකරණ ගාසාවට ඇතුළු කිරීම වැළැක්වූ බවත් ඔවුන් පෙන්වා දෙති. ඊශ්‍රායලය “බොරු කඩතුරාවන් ගොතමින්” සටන් විරාමය කඩ කරන බවද හමාස් චෝදනා කරයි.

දේශපාලන පීඩනය සහ ජාත්‍යන්තර ප්‍රතිචාර

ඊශ්‍රායලය තුළ යුදවාදී අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර්, හමාස් “විනාශ කළ යුතු” බවත්, ගාසාවේ ජන සංහාරය යළි ආරම්භ කරන ලෙසත් නෙතන්යාහුට බල කර තිබේ.

ජාත්‍යන්තරයේ, එක්සත් ජනපද නිලධාරියෙකු ඊශ්‍රායලයට දැනුම් දුන්නේ, හමාස් ගිවිසුම කඩ කළ බවට සාධක නොමැති බවත්, රැඩිකල් පියවරවලින් වළකින ලෙසත්ය. හමාස්, ඊජිප්තුව, කටාර්, තුර්කිය සහ එක්සත් ජනපදයෙන් ඊශ්‍රායලයේ ‘රැවටීම’ නවතා මානුෂීය කටයුතු ඉදිරියට ගෙන යාමට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටී. රාෆා දේශසීමා පිවිසුම දිගටම වසා තැබීම ගිවිසුම කඩ කිරීමක් බවද හමාස් චෝදනා කරයි. 

අවිනිශ්චිත අනාගතය

‘බලගතු ප්‍රහාර’ නියෝගයත් සමඟ, වසර දෙකක යුද්ධයේදී 68,527කට අධික පලස්තීනුවන් මිය ගොස් 170,395ක් තුවාල ලබා ඇති ගාසාවට නැවත යුද බියක් පැමිණ තිබේ. දේහ හුවමාරුව දේශපාලන මෙවලමක් බවට පත්වීමත් සමඟ, ගැටුම ලේ වැගිරීමකට යළි හැරෙමින් තිබේ.

ජනපති ට්‍රම්ප්ගේ ජීවිතය අනතුරේ - මරණ තර්ජන

ජනපති ට්‍රම්ප්ගේ ජීවිතය අනතුරේ - මරණ තර්ජන