" ජීවිතය දිනෙන් දින වෙනස් වෙයි..ඔබ පිළිබඳ ආදරය හා මතකය කිසිදා පහව යන්නේ නැත.." සංවේදී වූ ගයත්‍රී ඩයස් හදිස්සියේ මුහුණු පොතට එකතු කළ සංවේදී සටහන (PHOTOS)
පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් කාගෙත් ආදරය සහ ආකර්ශනය දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියලා කියන්නේ.
මේ වෙනකොට නම් ඇය ඉන්නෙ විදෙස්ගත වෙලා. ඒ වුණත් සමාජ මාධ්‍ය තුළින් නිරන්තරයෙන් රසිකයින් හමුවට එන ඇය පසුගිය දවසක සංවේදී සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
ඒ සිය මව ගැනයි...
සුබම සුබ උපන්දිනක් අම්මේ... නිවනින් නිවනට පත් වේවා... අම්මේ, ඔබ අපට සුන්දර මතකයන් ඉතිරි කළා, ඔයාගේ ආදරය තවමත් අපට මඟ පෙන්වනවා. අපට ඔබව නොපෙනුනත්, ඔබ සැමවිටම අපේ දිහා බලන් ඉන්න බව දන්නවා.
මේ ජීවිතයේ දී අපි ඔබට බොහෝ සේ ආදරය කළෙමු. අද ඔබ නැති උනත් අපි තවමත් ඔබට ආදරෙයි. අපගේ හදවත් තුළ ඔබ තවමත් ඉන්නවා. වෙන කිසිවෙකුට පුරවන්න බැරි තැනක ඉන්නවා. ලෝකය වසරින් වසර වෙනස් වේ,
අපගේ ජීවිත දිනෙන් දින වෙනස් වේ, නමුත් ඔබ පිළිබඳ ආදරය සහ මතකය කිසිදා පහව යන්නේ නැත.අපෙන් සමුගැනීමක් නැත. ඔබ කොතැනක සිටියත්, ඔබ සැමවිටම අපේ හදවතේ සිටිනු ඇත. සුබ උපන්දිනක් අම්මේ..උපදින හැම ආත්මයක් පාසා අපේම අම්මා වේවා......
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |