ගෑස් මිල සංශෝධනයක්? - මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.

Report

පෙබරවාරි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සඳහා මෙතෙක් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබී නොමැති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයට අදාළ නිර්දේශ මෙම මස මුල් සතියේ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත ලබාදී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අනුව මාසිකව මෙරට ගෑස් මිල සංශෝධනය සිදුකරන අතර එය සෑම මසකම 4 වන දින ප්‍රකාශයට පත් කිරීම සිදුවෙනවා.

නමුත් පෙබරවාරි මාසය සඳහා වන ගෑස් මිල සංශෝධනය මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ අතර ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශයෙකු කියා සිටියේ, ගෑස් මිල සංශෝධනයට අදාළ සියලු නිර්දේශ මේ වන විටත් මුදල් අමාත්‍යංශයට ලබාදී ඇති අතර අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව එය ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ ඊට අදාළ නිර්දේශ ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා පවසනවා.

කෙසේවෙතත් ගතවූ මාස කිහිපය තුළ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවූ අතර ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ ගිය ද ජනතාව දුෂ්කරතාවට පත් නොවීම සඳහා ගෑස් මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව පසුගිය මිල සංශෝධනවල දී ලිට්‍රෝ සමාගම පෙන්වා දෙනවා.

මේ අතර පෙබරවාරි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බව එහි සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා සඳහන් කළා.

EPF(සේවක අර්ථසාධක අරමුදල) සඳහා නව සාමාජිකයන් ලියාපදිංචිය ඇරඹෙයි. - එය සිදු වන්නේ මෙහෙමයි.

EPF(සේවක අර්ථසාධක අරමුදල) සඳහා නව සාමාජිකයන් ලියාපදිංචිය ඇරඹෙයි. - එය සිදු වන්නේ මෙහෙමයි.

අත්‍යවශය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල අඩු වුණේ මෙහෙමයි. - නව මිල ගණන් මෙන්න.

අත්‍යවශය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල අඩු වුණේ මෙහෙමයි. - නව මිල ගණන් මෙන්න.


You may like this video