පොහොට්ටුව ගෑස් සිලින්ඩරේට එකඟයි! අලියා ? - ගෑස් සිලින්ඩරය ?. අලි ජංජාලයක්. - අවසන් තීන්දුව කාගේ අතේ ද කියලා දන්නවද? - (VIDEO)

Report

ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කළ මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් හෝ වෙනත් පොදු ලකුණකින් තරග කිරීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ගෑස් සිලින්ඩරය ලකුණ ලබා ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ මතය විමසා ඇති අතර එහි තීන්දුව ලැබීමෙන් පසු අවසන් තීරණයකට එළැඹෙන බව සඳහන්.

ඒ, අනුව අදාළ මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට අද (02) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්වී තිබුනා.

ඔවුන් පවසන්නේ ගෑස් සිලින්ඩරය ලබාගැනීමට නොහැකි වුවහොත් බොහෝ දුරට අලියා ලකුණ යටතේ හෝ වෙනත් පොදු ලකුණකින් ඔවුන් තරග කරනු ඇති බවයි.