වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කරයි..නව මිල ගණන් මෙන්න.

Sri Lanka Litro Gas
By Aruna Oct 05, 2022 05:34 AM GMT
Aruna

Aruna

Report

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එහි නව මිල වන්නේ, රුපියල් 4280ක්.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 107කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල සඳහන් වන්නේ, රුපියල් 1720ක් ලෙස යි.

මේ අතර, කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල් රුපියල් 48කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 800ක්.

මිල අඩු කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ.

එම සමාගම කළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න ,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now