මධ්‍යම රාත්‍රියේ සිට මුළු රටම බලාසිටි දෙයක් අඩුවෙයි..

Litro Gas
By Aruna Sep 06, 2022 12:10 AM GMT
Aruna

Aruna

Report

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට ලිට්‍රෝ සමාගම විසින් ඊයේ (05 දා) පියවර ගැනුණා.

ගෑස් මිල අඩුකිරීම ඊයේ (05 දා) මධ්‍යම රාත්‍රියේ සිට සිදුව තිබූ අතර කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින් ද කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 45කින් ද කිලෝ 2.5ක මිල රුපියල් 21 කින් ද පහළ දමා ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4551ක් ද කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1827ක් ද කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 848ක් ද වේ.

මිල සූත්‍රයට අනුව ගෑස් මිල අඩුවීම සිදුවී ඇති අතර පසුගිය මාසයේ ද (අගෝස්තු) කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් අඩුවී තිබුණි.

ඊට සාපේක්‍ෂව කිලෝ ග්‍රෑම් 5 සහ 2.5 ගෑස් මිල ද අඩුවී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now