"හෙල්මට් එකක් දාගෙන කෑම උයපු නිසා බේරුණා.."මෙරට කාන්තාවන් 99න් බේරුනු ගෑස් අනතුර (VIDEO)

GAS ACCIDENT PANNALA HETHTHIRIPPUVA HELMET
By Sewvandhi Dec 06, 2021 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පන්නල, හෙත්තිරිප්පුව ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් ඊයේ (05) සවස පුපුරාගොස් තිබුණි. අදාළ පිපිරීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත. අදාළ නිවසේ කාන්තාව පවසා සිටියේ, යතුරුපැදි ආරක්ෂක හිස්වැසුමක් පැළඳ සිටීම හේතුවෙන් තමාට කිසිදු අනතුරක් සිදු නොවූ බවය.

"මම උදේ කෑම හදමින් හිටියේ. ලිප ඕෆ් කළා, උය උය හිටපු එක මම ඉවත් කළා. ලොකු ශබ්දයක් එක්ක .ගෑස් ලිප පිපිරුනා. ඇඟට කෑලි විසි වුණා. හෙල්මට් එකක් දාගෙන මේ දවස්වල උයන්නේ. හෙල්මට් එක දාලා තිබුණ නිසා ඇස්වලට ලොකු කරදරයක් වුණේ නැහැ. හැමතැනම ගෑස් පුපුරනවා කියලා කියනවා. කෑම හදාගන්න වෙන විකල්පයක් නැහැ. ගෑස් විතරමයි භාවිතා කරන්නේ. ඒ නිසා හෙල්මට් එක දාලා වයිසර් එකත් වහලා තමයි කෑම හදන්නේ. ඉතින් අදත් ඒ දේ මම කළා. ශාරීරිකව මොකුත් හානියක් වුණේ නැහැ. මම හැමෝටම ඉල්ලීමක් කරනවා. පුළුවන් මේ දවස්වල කෑම හදන විට මේවගේ එකක් භාවිතා කරන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

      

ReeCha