පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙක් ගල් ගහලා, මෙන්න විස්තරේ
පොහොට්ටුවේ ගම්පහ ප්‍රා.ස මන්ත්‍රිනියගේ නිවසට මාලිමා ක්‍රියාකාරිකයෙකුගෙන් ගල් ප්‍රහාරයක් වැලිවේරිය ඇඹරලුව ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි අනූජා ශ්‍රියන්ති මහත්මියගේ නිවසට ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරියෙකු යැයි පැවසෙන පුද්ගලයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ (12) රාත්‍රියේයි.
මෙම අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියගේ නිවසට සහ වෙළෙඳසැලට යන මාර්ගයේ තිබෙන ගල් අහුලා මෙම ප්‍රහාරය එල්ල කර තිබේ .
තවද එම ස්ථානයේ සවිකර තිබූ CCTV කැමරාවක මෙම ප්‍රහාරය එල්ල කරන අයුරුද සටහන්ව වී ඇත.
ඒ වගේම අද (13 ) උදෑසන ප්‍රාදේශීය සභා මන්ත්‍රිනිය වැලිවේරිය පොලීසියට අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
ඉන්පසුව එම එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගල් ප්‍රහාරය එල්ල කරන විට බීමත්ව සිට ඇති බවත් වාර්තා වී ඇත.
පොදුජන පෙරමුණේ ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි අනූජා ශ්‍රියන්ති මහත්මිය සදහන් කළේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි. තමන් හා ඔහු කිසිදු පෞද්ගලික අමනාපයක් නැති බවයි.