ආණ්ඩුවේ ආපදා වන්දි ගැහිල්ලක් ගැන ගම්මන්පිල හෙළි කරයි
යාපනය දිස්ත්‍රික්කයේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස පිළිසකර කර ගැනීම සඳහා වෙන් කළ මුදල් බෙදා දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල චෝදනා කර තිබේ.
ඔහු සඳහන් කළේ, ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කළ මුදල නිවාස 893ක් වෙනුවට 1,216ක් පිරිසිදු කිරීමට වෙන් කර ඇති බවයි.
යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 16,312ක පුද්ගලයින් 51,879ක් පීඩාවට පත් වී සිටින අතර, නිවාස 2ක් පූර්ණ හානි වී ඇති බවත්, නිවාස 322ක් අර්ධ හානි සිදුව ඇති බවත්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නවතම දත්තවල දැක්වෙනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම කරුණු පැහැදිලි කළේය. 2024 වසරේ ජන ලේඛන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, ඩෙල්ෆ්ට් ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නිවාස ඒකක ගණන 893ක් බවට වාර්තා වී ඇත.
ඔහුට අනුව,නිවාස ගණන එපමණක් වුවත් රජය නිවාස 1,216ක් පිරිසිදු කිරීමට මුදල් වෙන් කර ඇති බවයි.