"..ඊයේ රෑ තමයි රෑ....” - කෙම්මුර දවසේ මහා ගම්මඩු ශාන්තිකර්මයක් හා සන්නි යකුමක් තියලා.. බලි රූප අඹවා කරන, මහා බලගතු යාගයේ ඔබ නොදැක්ක පුදුම හිතෙන දර්ශන මෙන්න.. (PHOTOS)
colombo
Sri lanka
Sri lanka sinhala news
today trending news
galleface protest
By krishani
අඛණ්ඩව 09 වැනි දිනටත් මේ වනවිටත් නොනැවතී ඉදිරියට යන ගාලුමුවදොර විරෝධතා භූමියේ දී ඊයේ (16) රාත්‍රියේ දී 18 සන්නිය නටා තොවිලයක් සිදු කර තිබෙනවා.
රට මුහුණපා ඇති විපත්වලින් මාතෘභූමිය බේරාගෙන, දෙවියන්ගේ ආරක්ෂාව මව් බිමට ලබාදෙන ලෙස ඉල්ලමින් සහ දූෂිත පාලනය මෙරටින් අතුගා දමන ලෙස දෙවියන්ට භාර කරමිනුයි මෙම තොවිලය පැවැත්වී ඇත්තේ.
එමෙන්ම, ගෝඨාගෝගම නමින් ගාලු පුරයේ ශාඛාවක් ඊයේ දින ඉදිකෙරුණා. රට අර්බුද තත්ත්වයකට ඇද දැමූ පාර්ලිමේන්තුවේ 225 දෙනාම වහාම එම තනතුරුවලින් ඉවත්ව ගෙදර යා යුතු බව පවසමිනුයි එම ස්ථානයට එක්ව සිටි විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ.
එමෙන්ම අරගල භූමියේ රැඳී සිටින පිරිස් ආරාක්ෂා කිරීම ද දෙවියන්ට භාර කිරීම මෙම 18 සන්නිය නැටීමේ අරමුණක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |











