අනේ දෙයියනේ - රැදවියෙක් හිරේම මියගිහින්

Report

ගාල්ල බන්ධනාගාර භුමියේ ඇති ළිඳේ දිය නාමින් සිටි රැඳවියෙක් ළිඳට වැටී සිටියදි රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය සදහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ අක්මීමණ, ගොනාමුල්ල පදිංචිකරුවකුවු 22 හැවිරිදි රැදවියෙක් වන අතර මොහු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීීීීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කල පුද්ගලයෙකි.

පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් - අපරාධකරුවන්ව වටලයි

පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් - අපරාධකරුවන්ව වටලයි

ඔහු ඉකුත් (15) වැනිදා උදේ බන්ධනාගාරය තුළ පිහිටි ළිදේ නාමින් සිට ඇති අතර පසුව ඔහු ළිඳේ වැටී සිටියදි ගොඩට ගෙන බන්ධනාගාර රෝහල මගින් කරාපිටිය රෝහලට යවා තිබූ අතර කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු අද (18) මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබුණි ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දහනායක, සැරයන් කරුණාරත්න (59024) යන නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

පරවියෙක් නිසා අයෙක් මරුට - මෙන්න විස්තරේ

පරවියෙක් නිසා අයෙක් මරුට - මෙන්න විස්තරේ