පරවියෙක් නිසා අයෙක් මරුට - මෙන්න විස්තරේ
පෑලියගොඩ පොලිසිය වාර්තා කරන ආකාරයට පරවියන් නිසා දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ඇතිවූ බහින්බස්වීමකදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇත.
පොලිසිය වැඩිදුරටත් වාර්තා කරන්නේ පෑලියගොඩ පොලිස් වසමේ මීගහවත්ත ප්‍රදේශයේදී දෙපාර්ශ්වයක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි.
පසුව තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මරණයට පත්ව සිටි අතර මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 38ක් වූ වත්තල, ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
මෙම සිද්ධියට අදාල සැකකරුද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර පරවියන් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.