ඉස්ලාම් දහමට අපහාස කිරීමේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි නඩුවට අද අධිකරණ තීන්දුව
කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් 2014 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව නීතිපති උපදෙස් සදහා ලබන මස 11 යළි කැඳවන ලෙස අද නියෝග කර ඇත.
එහිදී කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පොලිසියට නියෝග කර ඇත්තේ වසර 11ක් තිස්සේ නීතිපති උපදෙස් සඳහා යොමු නොකර සිටීම අසාධාරණ බැවින් ප්‍රමාදයට හේතුව එදිනට දැනුම් දෙන ලෙසයි.
එමෙන්ම නඩු පවරන්නේ නම් මාස තුනක් තුළ පැවරිය යුතු බවත් දඬුවම් පැමිණවූයේ නම් දඩුවම් කාලයද අවසන් වී ඇතැයි කී මහේස්ත්‍රාත්වරයා, සාක්ෂි නොමැති නම් සැකකරු නිදහස් කරන ලෙසද නියෝග කර ඇත. නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර ඇති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද විවෘත අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වේ.