සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට විශේෂ නිවේදනයක් - ග්‍රාමසේවක හා වෙබ්අඩවිය මගින් සේවාව
මේ වන විට 2026 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ කර ඇති අතර මෙම වර්ෂයේ දී ග්‍රාම නිලධාරිවරුන් නිවෙස් වෙත නොපැමිණෙන බව නිවේදනය කර ඇත.
ඒ අනුව 2025 ඡන්දහිමි නාම ලේඛනයේ ඉවත්වන හා 2026 වර්ෂයට ඇතුළත් කිරීමට හිමිකම් ලබන නම් ඇසුරින් ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය සිදු කර තිබේ.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට යම් තැනැත්තෙකුගේ නම 2025 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් 2026 වර්ෂය සඳහාද 2025 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිව සිටින ලිපිනය යටතේ ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියා කරනු ඇති අතර ඔවුන් විසින් කිසිඳු ආකෘතියක් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවක් නොමැත.
එමෙන්ම 2025 වර්ෂයේ ලියාපදිංචි වී නොමැති හෝ වයස අවුරුදු 18 සම්පූර්ණ වීම මත ප්‍රථම වරට ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වන්නේ නම් හෝ 2026 වර්ෂයේ ලියාපදිංචි ලිපිනය වෙනස් කළ යුතු වන්නේ නම් හෝ 2026 වර්ෂයේ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා 2026/ER ආකෘති පත්‍රයක් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී වෙත භාර දිය යුතුයි.
මීට අමතරව පුරවැසියන් හට www.elections.gov.lk වෙබ් අඩවිය හරහාද ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීමට අවස්ථාව සළසා ඇත. 2025 වර්ෂය සඳහා ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වී ඇත්දැයි යන්න ග්‍රාම නිලධාරී කාර්යාල වලින් හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින් මෙන්ම ec.lk/vrd සබැඳිය සහ QR කේතය පරිලෝචනය (Scan) කිරීමෙන් පරීක්ෂා කළ හැකියි.
මේ සදහා ඊට අදාල සබැදීන් , නිවේදනය හා කේතය පහලින්,
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන by ashfa