මස් මාළු ගැන තීරණයක්. - මංගල රැයේ ජීවිතය අහිමි වූ යුවළ. (VIDEO)

Sri Lanka Wedding Accident Thilini Priyamali
By Wayomi Jun 05, 2023 08:34 AM GMT
Wayomi

Wayomi

Report

සිරස්තල

- මස් මාළු ගැන තීරණයක්.

- තිලිණි රෝහලේ -නඩුව කල්යයි.

- අනතුරට ලක්වූ වන්දනා රිය.

- මංගල රැයේ ජීවිතය අහිමි වූ යුවළ.

- බොරතෙල් මිලේ වෙනසක්.

- ධාවන ශුරි නිලානිට තහනම් උත්තේජක චෝදනා.


පුවත් කෙටියෙන්


? කුකුල් මස් ,මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහල යාම තාවකාලිකව සිදුවන දෙයක් බව වෙළඳ අමාත්‍යාංශය පවසා තිබෙනවා.කෙසේවෙතත් අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කිරීම කිසිසේත් සිදුකල නොහැකි අතර ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පියවර ගෙන ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කර තිබෙනවා.එසේම ඉහල ගොස් ඇති කුකුල් මස් මිල ඉදිරි සති කිහිපය තුල පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසා තිබුණා.

? වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය යැයි චෝදනා ලබා සිටින තිලිනි ප්‍රියමාලි ට එරෙහි නඩුව අගෝස්තු 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.එසේම තිලිනි වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය සඳහන් කලේ තිලිනි අසනීප තත්වයකින් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි.ඒ අනුව අදාළ නඩුව අගෝස්තු 11 වනදා යලි කැඳවීමට නියම කල විනිසුරුවරයා පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග තිලිනි අධිකරණයේ පෙනී සිටිය යුතු බව නියෝග කර තිබුණා.

? පොලොන්නරුව-මඩකලපුව මාර්ගයේ මියන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අතුරින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.පොලීසිය සඳහන් කලේ තුවාල ලැබුවන් අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු කාන්තාවන් 6 දෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු සිටින බවයි.සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

? මංගල රාත්‍රියේ සැකකටයුතු ලෙස මියගිය අඹුසැමි යුවලක් පිලිබඳ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි පුෂ්පා රාණි යන අඹුසැමි යුවලයි.සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පිරිසිදු වාතය නොලැබීම හේතුවෙන් මෙම යුවළ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.සිද්ධිය සම්බන්ධයෙන් එර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

? සෞදි අරාබිය විසින් සිය තෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කර තිබෙනවා.ඒ අනුව ජුලි මාසයේ සිට දිනක නිෂ්පාදනය බැරල් මිලිනියනයකින් අඩු කිරීමට ඔවුන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ඒ අනුව සඳුදා සිට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලරයට වඩා වැඩි වෙන බවද සඳහන් .

? තහනම් උත්තේජක භාවිත චෝදනාවක් මත දුර දිවීමේ ශ්‍රී ලංකා ධාවන ශූරි නිලානි රත්නායකට තරඟ තහනම් පනවා තිබෙනවා. ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙල ඇතුළු තරඟ කිහිපයක්ම ඇයට අහිමිවනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW