ගඩාෆිගේ පුත්‍රයා ජීවිතක්ෂයට - නිවසේ උයනේදී ප්‍රහාරකයින් වෙඩි තබා පලා ගිහින්

Report

ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ ප්‍රමුඛතම පුත්‍රයා වන සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ප්‍රහාරකයින් සිව්දෙනෙකු විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞදි අරාබියට අයත් අල් අරාබියා ප්‍රකාශනය වාර්තා කරයි.

ඒ අනුව 53 හැවිරිදි ඔහු ට්‍රිපොලි අගනුවරට නිරිත දෙසින් කිලෝමීටර් 136 ක් (සැතපුම් 85) දුරින් පිහිටි සින්ටාන් නගරයේ දී මෙසේ ඝාතනය කර තිබෙනවා.

එමෙන්ම ගඩාෆි පවුලට සමීප ආරංචි මාර්ගයක් ප්‍රකාශනයට සඳහන් කර ඇත්තේ අඟහරුවාදා සවස සයිෆ් අල්-ඉස්ලාම්ගේ නිවසේ උයනේදී ප්‍රහාරකයින් වෙඩි තබා පලා ගිය බවටයි.

එමෙන්ම තුවක්කුකරුවන් ගඩාෆිගේ නිවසේ ආරක්ෂක කැමරා අක්‍රිය කර ගැටුමකින් අනතුරුව ඔහුට වෙඩි තැබූ බව වාර්තාවල සඳහන්.

හෝමාගම රෝහලේ මළ සිරුරක් භාර ගන්න ඇවිත් උණුසුම් තත්ත්වයක් - සිරුර පළමු බිරිඳට හිමි වෙන විට විශ්‍රාම වැටුප දෙවැනි බිරිඳට

හෝමාගම රෝහලේ මළ සිරුරක් භාර ගන්න ඇවිත් උණුසුම් තත්ත්වයක් - සිරුර පළමු බිරිඳට හිමි වෙන විට විශ්‍රාම වැටුප දෙවැනි බිරිඳට

ඒ අනුව ඔහු (දේශීය වේලාවෙන්) අලුයම 2:30 ට පමණ මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ ජීවිතයට හානි කළ සිද්ධියේ තත්ත්වයන් පිළිබඳ විස්තර සම්පූර්ණයෙන් හෙළිදරව් කර නොමැති වුවත් සයිෆ් අල්-ගඩාෆිගේ සමීපතමයෙකු එය "ඝාතනයක්" වශයෙන් විස්තර ක‍ර ඇත.

මේ අතර දේශපාලන කණ්ඩායමේ සාමාජිකයෙකු (2020-2021) සහ සයිෆ් ගඩාෆිගේ දේශපාලන උපදේශකයෙකු වූ අබ්දුල්ලා ඔත්මාන් ෆේස්බුක් සටහනකින් ඔහුගේ මරණය තහවුරු කර ඇත.

"අපි දෙවියන් වහන්සේට අයිතියි, අපි ඔහු වෙත ආපසු යමු. මුජාහිඩ් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි දෙවියන් වහන්සේගේ රැකවරණය යටතේ සිටී," යනුවෙන් එහි සඳහන්. 

මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම් හැබැයි මේවට ගෙනල්ලා අපේ කට වල් වහන්න බෑ - නාමල්

මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම් හැබැයි මේවට ගෙනල්ලා අපේ කට වල් වහන්න බෑ - නාමල්

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

පුද්ගලයෙකුට පහර දුන් බව පැවසූ හේමාල්ගේ සිද්ධියේ ඇත්තම පැටිකිරිය එළියට

පුද්ගලයෙකුට පහර දුන් බව පැවසූ හේමාල්ගේ සිද්ධියේ ඇත්තම පැටිකිරිය එළියට