නුගේගොඩ වෙඩි තැබීමේ සුලමුල එළියට
නුගේගොඩ මංසන්ධිය හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ වෙඩි තැබීමක් ඊයේ (22) රාත්‍රී 8.30 පමණ සිදුවිය. ඒ අනුව මෙම සිද්ධිය බඩෝවිට ප්‍රදේශයේ අපරාධකරු අසංක නැමැත්තාගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බව සැක පල කරයි.
ත්‍රිරෝද රථයක ගමන් කරන තරුණයෙකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාර සිදු කරන ලදී. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා අවිශ්ක නමැති අපරාධකරුගේ සමීපතමයෙක් වන බවද පොලීසිය සඳහන් කරයි.
වෙඩික්කරුවන් යතුරුපැදියකින් රථය පසුපසින් පැමිණ ත්‍රිරෝද රථය හරස් කරමින් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර පලා යාමට සමත් වූහ. මෙම ප්‍රහාරයේදී රියදුරාගේ දකුණු බාහුව සහ උදරයට තුවාල සිදු වූ අතර, තුවාල ලැබූ තරුණයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර තත්වය බරපතළ නොවන බවත් පොලීසිය ප්‍රකාශ කරයි.
මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි චන්දිම සචින්ත නම් 25 හැවිරිදි තරුණයෙකි. ත්‍රිරෝද රථයෙන් බිරිඳ රැගෙන කොහුවලට යන අතරතුර පසුපස යතුරුපැදියක් අනුගමනය කරමින් සිටි බව ඔහු ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට දන්වා තිබේ.
ඒ අනුව වසරේ මෙතෙක් වෙඩි තැබීම් 112ක් සිදු වී, ඒ අතර පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් 56 දෙනෙකු තුවාල ලබා ඇත.