ඉන්ධන බෙදාහැරීම ගැන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi Jun 02, 2023 10:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

එනම්,අතිකාල වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක කාලය තුළදී රජයේ නිවාඩු දිනවල සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක නොවීය.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්ධන මිල අඩුවීමේ බලාපොරොත්තුව සහිතව ඇතැම් ඉන්ධන පිරවුම්හල් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන ඇනවුම් සිදුනොකිරීම සහ අවම තොග පවත්වාගෙන නොයාම හේතුවෙන් මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වල හිඟයක් නිර්මාණය වී ඇති බවයි.

එසේම ඉන්ධන කෝටාව ඉහළ දැමීමත් සමඟ ක්ෂණිකව ඉන්ධන පාරිභෝගිකයින්ගේ ඉල්ලුම ඉහළ යාමද මෙලෙස ඉන්ධන හිඟයක් ඇතිවීමට හේතුවී තිබෙන බව අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.අමාත්‍යවරයා සඳහන් කළේ, ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවය.

මේ අතර අමාත්‍යවරයා සඳහන් කළේ අලෙවි නියෝජිතයින් විසින් සියයට 50ක අවම ඉන්ධන තොගයක් සෑම විටම පවත්වාගෙන යායුතු වන අතර ඒ ආකාරයෙන් කටයුතු නොකරන ඉන්ධනහල් සමාලෝචනය කර ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් සංස්ථාව වෙත තමා දැනුම් දුන් බවය. කෙසේ වෙතත් මේ වනවිට කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල මේවන විට දිගු පෝලිම් දක්නට ලැබෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha