ක්‍රිෂ් ගනුදෙනුව - නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන යන අය මේ මස 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත .

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් නියෝගයේ සඳහන් විය .

'ක්‍රිෂ්' ගනුදෙනුවේ නඩුවට නාමල් රාජපක්ෂ යළිත් අධිකරණයට

'ක්‍රිෂ්' ගනුදෙනුවේ නඩුවට නාමල් රාජපක්ෂ යළිත් අධිකරණයට