සරණ ගුණවර්ධනගේ බිරිඳ ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ්
By Malith Madushan
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන ඔක්තෝබර් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සරණ ගුණවර්ධන මහතාට නියම වූ දඬුවම ලිහිල් කරගැනීම සඳහා මහාධිකරණ විනිසුරුවරයාට බලපෑම් කිරීමට උත්සාහ කළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නියෝගය ලබා දී ඇත. ඒ අනුව, අදාළ සැකකරුවන් තිදෙනා ඔක්තෝබර් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට නියමිතය.