ඉන්ධන මිල පහතට? ලංකාවට ලාභයෙන් ඉන්ධන ගන්න ගිවිසුමක්

Report

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අබුඩාබි ජාතික තෙල් සමාගමේ (Abu Dhabi National Oil Company) නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙහිදී සාකච්ඡා කෙරුණේ දෙරට අතර ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් වූ සැපයුම් සහ ආයෝජන අවස්ථා හඳුනාගෙන ඉදිරි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු පිළිබඳවයි.

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

රටේ පවතින කළු යාන්ත්‍රණයක් ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් දීර්ඝ කාලීනව සාධාරණ මිලකට ලබා ගැනීමට දෙරට අතර කඩිනම් ගිවිසුමක් ඇතිකර ගැනීම මෙන්ම මෙරට තෙල් පිරිපහදු කටයුතු සංවර්ධනය සහ ඒ මඟින් කලාපීය පිරිපහදු ඛනිජ තෙල් වෙළදපොල තුළ සැලකිය යුතු පංගුවක් අත්පත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි ( Khaled Nasser Al Ameri) මහතා සහ අබුඩාබි ජාතික තෙල් සමාගමේ Crude and Condensate හි ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්දුල්ලා අල් කුබායිසි (Abdulla al Qubaisi) මහතා ඇතුළු විධායක නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ. 

ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක්

ලංගම බස්වලට මොකද්ද මේ වෙන්නේ? - අදත් බිහිසුණු අනතුරක්