තෙල් මිල එකවරම නැවතත් ඉහළ ගිහින් - සිදුවුණ තෙල් මිලේ වෙනස මෙන්න..
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ(14) ඉහළ යෑමක් පෙන්නුම් කළේ ය.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 76ට ආසන්න වූ අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ද ඩොලර් 71 ඉක්මවා ගියේ ය.
මේ අතර, ලබන වසරේ පොලී අනුපාත අඩු කිරීම් තුනක් සිදු වන බවට අමෙරිකානු ෆෙඩරල් බැංකුව පුරෝකථනය කළේ ය.
කෙසේ වෙතත්, අමෙරිකානු ෆෙඩරල් බැංකුවේ එම තීරණය කොටස්, බැඳුම්කර සහ රත්‍රං මිල සඳහා ද බලපෑම් කෙරෙනු ඇති බව අපේක්ෂා කරයි.