ඉන්ධන මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය - මේ ඉන්ධනවල මිල පහළට?

Report

රජය විසින් සහන සැලසීම මඟින් ඉන්ධන මිල පාලනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇති වන බාහිර කම්පන මඟින් මහජනතාවගේ එදිනෙදා ජීවිතයට සහ සමස්ත ආර්ථිකයට එල්ල වන බලපෑම කළමනාකරණය කර ගැනීම සඳහා රජය මෙම තීරණය ගෙන ඇතිබවට සඳහන් වේ.

ඒ අනුව, මහජනතාව වැඩි වශයෙන් භාවිත කරන 92 ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ඔටෝ ඩීසල් මිල ඉහළ යාම පාලනය කිරීමට රජය මැදිහත් වනු ඇත.

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළෙ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම් - ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

එමෙන්ම 2026 මාර්තු 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, මෙම ඉන්ධන වර්ගවල ආනයනික මිල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා වැඩි වන්නේ නම්, 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් දක්වාද, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක් දක්වාද සහනාධාරයක් ආනයනික සැපයුම්කරුවන් වෙත ගෙවීමට තීරණය කර තිබේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර, මෙමඟින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් පාරිභෝගික ජනතාවට සහන සැලසීම රජයේ අපේක්ෂාවයි.

කැරම්- දාම් බෝඩ් නඩුවෙන් විත්තිකරුවෙක් නිදහස්

කැරම්- දාම් බෝඩ් නඩුවෙන් විත්තිකරුවෙක් නිදහස්