ඉන්ධන ගැන රජය තීරණයක් ගනී..

Fuel Price In Sri Lanka Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Fuel Price In World
By krishani Oct 15, 2023 07:42 AM GMT
krishani

krishani

Report

මේ වන විට ගාසා තීරයේ පවතින යුදමය වතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම්වල අවිනිශ්චිතභාවයක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙරට පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීමට රජයේ අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ පවතින ඉන්ධන තොග මනා කළමණකරණ ක්‍රමවේදයකට යටත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

බලශක්ති අමාත්‍යංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉදිරි මාස දෙකක කාලයකින් පසු රටේ දැනට පවතින ඉන්ධන සංචිත ආරක්ෂා කරගැනීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත.

ඒ යම් හෙයකින් යළිත් ඉන්ධන අර්බුදයක් ඇති වුවහොත් පෙර පැවැති QR කේත ක්‍රමය යළි ආරම්භ කරන්නේ ද නැතහොත් වෙනත් කළමණාකරන සැපයුම් ක්‍රමවේදයක් ක්‍රියාවට නංවන්නේ ද යන්න සම්බන්ධයෙන් ය.

කෙසේවෙතත් දැනට ඉන්ධන සම්බන්ධයෙන් කිසිදු ගැටලුකාරී තත්ත්වයක් මතුව නොමැත.

ඉදිරියේ දී යම් අර්බුදයක් ඇති වුවහොත් ඊට පෙර සුදානමක් ලෙස යම් සැලසුමක් සකස් කරන ලෙස රජය අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ReeCha