අද හෝමාගම - පිටකොටුවේ යනවා නම් නරක ආරංචියක් - මේ බස් වර්ජනයක්

Report

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මාර්ග අංක 138 හෝමගම - පිටකොටුව පෞද්ගලික බස් රථ අද (23) දින ධාවනයෙන් ඉවත් වී ඇත.

ඒ අනුව බස් රථ හිමිකරුවෝ සඳහන් කළේ ඉකුත් මාසයක කාලයක් තුළ ඉන්ධන මිල තුන් වරක් ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තු වැඩිවීමක් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලීම් කළ ද මෙතෙක් එම බස් ගාස්තු වැඩිවීම ලබා දීමට රජය කටයුතු නොකිරීම නිසාවෙන් තමන් මෙසේ බස් රථ ධාවනයෙන් ඉවත් වූ බවයි.

අද බස් ධාවනයෙන් ඉවතට? බස් ගාස්තුත් 10%කට වැඩිය වැඩි මිලකින් සංශෝධනය විමට නියමිතයි

අද බස් ධාවනයෙන් ඉවතට? බස් ගාස්තුත් 10%කට වැඩිය වැඩි මිලකින් සංශෝධනය විමට නියමිතයි

එමෙන්ම එම බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන් ද පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් දෛනිකව රුපියල් දස දහසකට ආසන්න මුදලක් තමන්ට අලාභ වන බැවින් බස් රථ ධාවනයෙන් ඉවත් කරන ලෙස හිමිකරුවන් තමන්ට දැනුම් දී ඇති බවයි.

එනිසා අද දින තම ගමනාගමනය අවශ්‍යතා වෙනුවෙන් හෝමගම ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණි මගී ජනතාව විශාල ප්‍රමාණයකට අපහසුතාවයට ලක්වීමට සිදු වූ ආකාරය දක්නට ලැබුණු අතර හෝමගම බස් ඩිපෝව මඟින් අතුරු මාර්ගවල ගමනාගමනයට යොදවා තිබූ බස් රථ 138 මාර්ගයේ ධාවන කටයුතු සදහා යොදවා තිබෙනවා.

කොළඹ මහ නගර සභාවෙන් නිවේදනයක් - අද උදේ 6 සිට මේ වාහනවලින් නැවතත් ගාස්තු

කොළඹ මහ නගර සභාවෙන් නිවේදනයක් - අද උදේ 6 සිට මේ වාහනවලින් නැවතත් ගාස්තු

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්