කොළඹ මහ නගර සභාවෙන් නිවේදනයක් - අද උදේ 6 සිට මේ වාහනවලින් නැවතත් ගාස්තු
කොළඹ මහා නගර සභා සීමාව තුළ ක්රියාත්මක වූ වාහන නැවැත්වීමේ ගාස්තු අය කිරීම අද (23) දින පෙරවරු 6.00 සිට යළි ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කර ඇත.
ඒ අනුව මීට පෙර ඉන්ධන පිරවුම්හල් අසල පැවති වාහන පෝලිම් නිසා රථවාහන නැවතුම් අංගනවලට එල්ල වූ බලපෑම සැළකිල්ලට ගනිමින් සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාවට සහනයක් සැලසීම උදෙසා 2026.03.18 දින සිට මෙම ගාස්තු අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.
කෙසේ වුවද මේ වන විට රජය විසින් ක්රියාත්මක කරන ලද QR කේත ක්රමය සහ වාහන අංක අනුව (ඔත්තේ/ඉරට්ටේ) ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් පිරවුම්හල් අසල පෝලිම් පාලනය වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.
එබැවින් මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේ තීරණයකට අනුව සුපුරුදු පරිදි රථවාහන ගාල් කළමනාකරණය හා ගාස්තු අය කිරීම් යළි ආරම්භ කිරීමට නාගරික කොමසාරිස්වරයා විසින් උපදෙස් දී ඇත.