අද බස් ධාවනයෙන් ඉවතට? බස් ගාස්තුත් 10%කට වැඩිය වැඩි මිලකින් සංශෝධනය විමට නියමිතයි
බස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ලංකා සුදු ඩීසල් මිල ගණන්වලද මිල ඉහළ යාම හේතුවෙන් එය බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැළපූ විට මේ වන විට පවතින බස් ගාස්තුවට 10%කට වඩා වැඩි අගයකින් බලපා තිබෙන බවයි.
එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ණ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේ නව බස් වැඩිවීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ බවයි.
එබැවින් අද දිනයේදි මෙම නව බස් ගාස්තුව සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමටද නියමිතයි. කෙසේ වුවද බස් ගාස්තු සංශෝධනය ඊයේ (22) දිනයේම සිදුවිය යුතු බවට බස් සංගම් රැසක් සඳහන් කළා.
එමෙන්ම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා බස් සංගම් නියෝජිතයින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔවුන් පවසා සිටියා.
ඒ අනුව බස් සංගම් සඳහන් කර සිටියේ ඊයේ දිනයේදී අදාළ බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණු බැවින් අද දිනයේදී බස් ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බවයි.
මේ අතර ඒ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ බස් ගාස්තු ඉහළ දමන තෙක් බස් ගාස්තු ධාවනය සිදු කිරීමටද හැකියාවක් නොමැති බවයි.
කෙසේ වුවද අද දිනයේදී නව බස් ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබෙන අතර ඒ අනුව 10%කට ඉහළ අගයකින් බස් ගාස්තු සංශෝධනය විමටද නියමිතව ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.