ඕනෑම විදෙස් සමාගමකට මෙරට ඉන්ධන බෙදාහැරීමට අවස්ථාව - මෙරට පිරවුම්හල් විදෙස් සමාගම් වලට

Sri Lanka Economic Crisis Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sithumi Jun 26, 2022 11:45 AM GMT
Sithumi

Sithumi

Report

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනත් රටවල්වල සමාගම්වලට ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව IOC සමාගම හැර වෙනත් ඕනෑම විදේශීය සමාගමකට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකළ හැකියි. ඒ සඳහා අවශ්‍ය පිරවුම්හල් ලබා දීමට රජය පියවරගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රජයට අයත් සිපෙට්කෝ හි සේවකයන් සහ පවතින පාඩුව දරාගැනීමට නොහැකි වීමද ඊට හේතුවක්. ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට(27) පැවැත්වෙන කැබිනට් හමුවට ඉදිරිපත් කරන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now