දින 26ක් ඇතුළත ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

Report

ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් අනතුරුව ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26ක් ඇතුළත මෙම තීරණ ගෙන ඇති බවයි.

අද (06) දින උදෑසන ලෙකෝර්නු ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැයක කාලයක් මුණගැසීමෙන් අනතුරුව එලිසී මාලිගය මේ බව නිවේදනය කර ඇත. 

 ඒ අනූව 1958න් පසු ප්‍රංශයේ කෙටිම කාලයක් සේවය කළ අගමැති බවට ඔහු පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.  

කෙසේ වෙතත් ප්‍රංශයේ නව අගමැති සෙබස්තියන් ලෙකෝර්නු පත්වී සති කිහිපයකට පසු මෙසේ ඉල්ලා අස්වීමත් සමඟ එරට නව දේශපාලන අර්බුදයකට ඇද වැටී ඇති බව පවසයි.  

පොලීසියට එන්න කිව්වෙ නෑ ගගා මතුරපු විමල් ලැජ්ජාව පැත්තක දාලා පොලිසියෙන් කරපු ඉල්ලීම

පොලීසියට එන්න කිව්වෙ නෑ ගගා මතුරපු විමල් ලැජ්ජාව පැත්තක දාලා පොලිසියෙන් කරපු ඉල්ලීම

අද තමයි දවස - ලෝක යුද්ධයක ආරම්භය හෝ අවසානය

අද තමයි දවස - ලෝක යුද්ධයක ආරම්භය හෝ අවසානය