පොලීසියට එන්න කිව්වෙ නෑ ගගා මතුරපු විමල් ලැජ්ජාව පැත්තක දාලා පොලිසියෙන් කරපු ඉල්ලීම

Report

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් ඇති වෙමින් පවතී.

ඒ බෙලි අත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් හේතුවෙන් මතුව ඇතිව විවිධ තත්ත්ව නිසයි.

එවන් පසුබිමක ඔහුට අද (06) දින තංගල්ල මූලස්ථාන පොලිසියේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇතැයි පුවතක් සංසරණය වූ අතර එම පුවත සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගෙන් කළ විමසීමකදී තංගල්ල පොලිසියේ පෙනී සිටින ලෙසට තමාට මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බව ඔහු පැවසූ බවට ඊයේ දින ඇතැම් පුවත් වාර්තා විය.

මේ අතර ලැබුණු නවතම තොරතුරු අනුව වාර්තා වූයේ තංගල්ල පොලිසියට තමා අද දින (06) නොයන බවත් ඵ් සඳහා තමන් වෙනත් දිනයක් තංගල්‍ල පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරන බවයි.

මට පොලිසියට එන්න කිව්වෙ නෑ - විමල් කට අරියි

මට පොලිසියට එන්න කිව්වෙ නෑ - විමල් කට අරියි

එසේම ඒ දිනය අද දවස තුළ තමාට දැනුම් දීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළ බව ද සඳහන්.

කෙසේ වෙතත් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා අද (06)වෙනි දින තංගල්ල පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු බවට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඊයේ(05) දින ප්‍රකාශ කළ බව සඳහන්.

ඒ ඔහු මීට දින කිහිපයකට කරන ලද ප්‍රකාශයකට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

විමල් වීරවංශව පොලීසියට කැදවයි

විමල් වීරවංශව පොලීසියට කැදවයි

බිමල්ගේ නෝනා ඔක්කොටම කළින් මොන්ටිසෝරිවල බලය අල්ලන්න ලෑස්තියක්

බිමල්ගේ නෝනා ඔක්කොටම කළින් මොන්ටිසෝරිවල බලය අල්ලන්න ලෑස්තියක්