මෙහෙම කතාවක් නම් කිසිම බිරිදකට කවදාවත්ම අහන්න ලැබෙන්න එපා...

By Piyumika Sep 18, 2024 06:30 AM GMT
Report

71 හැවිරිදි Dominique Pelicot, තම බිරිඳට මත්ද්‍රව්‍ය ලබා දී, වසර 10 කට වැඩි කාලයක් තිස්සේ ඇයව අපයෝජනය කිරීම සඳහා පිටස්තර පිරිමින්ට අවස්ථාව ලබා දුන් බව අධිකරණයේදී පිළිගෙන තිබෙනවා.

දෙදරු මවකට අත් වුණ ඛේදනීය ඉරණම...

දෙදරු මවකට අත් වුණ ඛේදනීය ඉරණම...

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 2 වන දින මෙම නඩු විභාගය ආරම්භ වූ දා සිට ඔහුට එරෙහිව එල්ල කර ඇති සියලු චෝදනා ඔහු පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔහුගේ හිටපු බිරිඳ Gisele දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති සම විත්තිකරුවන් 50 දෙනා ගැන සඳහන් කරමින් Dominique Pelicot පවසා ඇත්තේ, "මම මේ කාමරයේ සිටින අනෙක් අය මෙන් දූෂකයෙක් " බවයි.

අනේ මෙහෙමත් සැමියෙක් ..මේ වගේ කතාවක් නම් අත්තා මුත්තාගේ කාලේවත් අහල නැතුව ඇති..

අනේ මෙහෙමත් සැමියෙක් ..මේ වගේ කතාවක් නම් අත්තා මුත්තාගේ කාලේවත් අහල නැතුව ඇති..

තමන් තම බිරිඳව මත් කර අනෙක් පිරිමින්ට ඇයව දූෂණය කිරීමට සැලැස්වූ බවත්, එය අනෙක් සියලු පිරිමින් දැන සිටි බවත් ඔහු අධිකරණයේදී පවසා තිබෙනවා.

තම බිරිඳ ඉතා යහපත් අයෙක් බවත්, ඇය මෙවැනි දෙයකට මුහුණ දිය යුතු නැති බවයි Dominique Pelicot පවසා ඇත්තේ.

තම හිටපු ස්වාමි පුරුෂයාගේ සාක්ෂි දීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා දුන් Gisele මහත්මිය පවසා ඇත්තේ, තමන්ට මෙම සාක්ෂි දීමට සවන් දිය නොහැකි බවයි.

මග බලන් හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්..

මග බලන් හිටපු ඔයාට මෙන්න සුබ ආරංචියක්..

කිසිවිටකත් තමන්ට අවැඩක් සිදු කරනු ඇතැයි විශවාස නොකළ තම ස්වාමියාම මේ ආකාරයට තමාව පිට පිරිමින් 50කට අධික පිරිසක් ලවා දූෂණය කළ බව විශ්වාස කළ නොහැකි යැයි ඇය තවදුරටත් අධිකරණයේදී පවසා තිබෙනවා.