නිදහස වෙනුවෙන් කරන අලුත්ම වැඩේ..

By Sithumi Feb 02, 2023 02:10 PM GMT
Sithumi

Sithumi

Report

 ආරක්ෂක අංශය භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් බෙදා දීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එම ඉඩම් නිදහස් කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එම ඉඩම් පවුල් 197ක් අතර හෙට දිනයේ බෙදා දෙනු ලබනවා. 

75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව එම ඉඩම් නිදහස් කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.  මේ අතර 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ විශේෂ සමරු කාසිය සහ සමරු මුද්දරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම මහනුවර ජනාධිපති මන්දිරයේ අද සිදු කළා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේසමරු කාසිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ද සමරු මුද්දරය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ බවයි.

රුපියල් දහසක වටිනාකමකින් යුතු 75 වන නිදහස් දින සමරු කාසිය සංසරණය සඳහා නොවන අතර ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කරන ලද 71 වන සමරු කාසිය මෙය වන අතර සම්ප්‍රදායිකව තැපැල් දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට අනුකූලව රුපියල් 50ක වටිනාකමකින් යුතුව නිකුත් කර ඇති සමරු මුද්දරය සහ මුල්දින කවරය අද සිට සියලුම තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාලවලින් අලෙවි කර තිබෙනවා.

75 වන ජාතික නිදහස් දිනයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව විසින්  සංවිධානය කළ නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා කොළඹ තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත් වන අතර එම දිනවලදී පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා ප්‍රදර්ශනය නැරඹිය හැකි වනවා.