මුදල් ලේකම්ට අවුරුදු 2ක හිර දඬුවමක්? ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් නිවේදනයක්

Report

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට හැකියාව පවතින බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි.

එම සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ, 2022 වසරේ සම්මත වූ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ මුදල් කමිටුව පිහිටුවා ඇති බවයි. එම ස්ථාවර නියෝග උල්ලංඝනය කරන අයෙකුට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ දඬුවම් ලබාදීමට හැකි බවද ඔහු පැවසීය.

එමෙන්ම, මුදල් කමිටුවට ඕනෑම අයෙකු කැඳවීමට එහි සභාපතිවරයාට බලය ඇති අතර, එසේ කැඳවූ විට නොපැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සහ දඬුවම් ද පනත මගින් නිශ්චිතව දක්වා ඇති බව සඳහන් කර ඇත.

මුදල් කාරක සභාවට මුදල් ලේකම් පැමිණීමේ ප්‍රශ්ණයක්

මුදල් කාරක සභාවට මුදල් ලේකම් පැමිණීමේ ප්‍රශ්ණයක්

එවැනි වරදක් සඳහා පාර්ලිමේන්තුව හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දඩයක්, බන්ධනාගාර දඬුවමක් (අවුරුදු දෙකක් දක්වා) හෝ දෙකම ලබාදිය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව, මුදල් කමිටුවට පැමිණීමට දැනුම් දී තිබියදීත් එයට නොපැමිණෙන ඕනෑම අයෙකුට එම නීති යටතේ කටයුතු කළ හැකි බව ඔහු අවධාරණය කළේය. තවද, ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම මෙලෙස අභියෝගයට ලක් කර නොමැති බවත්, මෙය පාර්ලිමේන්තු කමිටු බලතල අවම කිරීමක් ලෙස සැලකිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එවැනි තත්ත්වයක් තුළ කමිටු සභාපතිවරයාට පාර්ලිමේන්තුවේ ගෞරවය රැක ගැනීම සඳහා අවශ්‍ය තීරණ ගත යුතු බවද ඔහු පෙන්වා දී ඇත. මුදල් කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (29) ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද (30) කමිටුව හමුවට නොපැමිණෙන බව ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.

සජබ සහ ඉරාන් අතර සබඳතාව පළුදු වෙයි - පක්ෂය අත්හැර යන්නැයි නිල දැනුම්දීමක්

සජබ සහ ඉරාන් අතර සබඳතාව පළුදු වෙයි - පක්ෂය අත්හැර යන්නැයි නිල දැනුම්දීමක්

මෙම කැඳවීම සිදුකර තිබුණේ විදෙස් ණයක් ගෙවීම සඳහා භාවිත කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයකට මාරුවී ඇති බවට පවතින සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමටය.

එසේම, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ විශ්වාසයක් නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ මෛත්‍රී ගුණරත්න මහතා ද ප්‍රකාශ කළේය.

ඊට අමතරව, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මෙම සිද්ධියට හැකර්වරයෙකු සෘජුව සම්බන්ධ වූ බවට තවම නිශ්චිත නිගමනයකට පැමිණ නොමැති බවයි. ඒ වෙනුවට, විදේශීය ආයතනයක් ලෙස පෙනෙන පරිදි සමාන ඩොමේන් සහ ඊමේල් ආකෘති භාවිත කළ වංචාවක් විය හැකි බවට සැක පවතින බවද ඔහු පැවසීය.

එමෙන්ම, වත්මන් ආණ්ඩුව තුළ ද දූෂිතයන් සිටී නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය.

රට කළඹපු භාණ්ඩාගාර මූල්‍ය ගැටලුව ලංකාවට පමණක් විශේෂ නෑ තව තැන්වලට හැකර්ලා ගැහුවා - ලක්මාලි

රට කළඹපු භාණ්ඩාගාර මූල්‍ය ගැටලුව ලංකාවට පමණක් විශේෂ නෑ තව තැන්වලට හැකර්ලා ගැහුවා - ලක්මාලි

හැක් කරපු කෙනා කෝල් කරලා කියලා...මාස 8ක් හංගලා - ලංකාව කළඹපු මහා පරිමාණ වංචාව ගැන නාමල් කට අරී

හැක් කරපු කෙනා කෝල් කරලා කියලා...මාස 8ක් හංගලා - ලංකාව කළඹපු මහා පරිමාණ වංචාව ගැන නාමල් කට අරී