රටම කතාකළ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මහා වංචාව - ‘Free Lawyers’ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

By Kanchana Jun 13, 2026 11:10 AM GMT
Report

මහ භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධයෙන් මේ වන විට මාස අටකට වැඩි කාලයක් ගතව තිබුණද, ඒ පිළිබඳ කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථාදායකය අසමත් වී ඇති බව Free Lawyers සංවිධානය පවසයි.

එම සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, සිද්ධිය සම්බන්ධ අදාළ වාර්තා මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී හෝ සභාගත කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බවයි. Free Lawyers සංවිධානය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකින් අනතුරුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අතිශය තීරණාත්මක අවධියක පසුවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහන යටතේ පනවා ඇති කොන්දේසි අනුව, මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ රජයේ ණය කළමනාකරණ කටයුතු මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවන ලද නව ආයතනයක් වන රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරීමට කටයුතු කර ඇති බවද එහි සඳහන් වේ.

දේශපාලනය වැඩක් නැහැ ඔහු නිදහස් වීම ගැන සතුටුයි - LTTE චෝදනා ලැබූ කලාකරුවා ගැන නාමල් කතා කරයි

දේශපාලනය වැඩක් නැහැ ඔහු නිදහස් වීම ගැන සතුටුයි - LTTE චෝදනා ලැබූ කලාකරුවා ගැන නාමල් කතා කරයි

ඔවුන්ගේ අදහස අනුව, ණය කළමනාකරණය යනු රජය විසින් ලබාගෙන ඇති දේශීය හා විදේශීය ණය නියමිත කාලසීමාවන් තුළ නිවැරදි පාර්ශ්වයන් වෙත ගෙවීම සහ ඒවාට අදාළ වාර්තා නිසි පරිදි පවත්වාගෙන යාම ඇතුළත් ක්‍රියාවලියකි.

මෙම වගකීම මහ බැංකුවෙන් භාණ්ඩාගාරය වෙත මාරු කිරීමේ සංක්‍රාන්ති සමයේදී ප්‍රමාණවත් පාලන සහ අධීක්ෂණ ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ආයතන දෙක අතර සම්බන්ධීකරණ ගැටලු මතු වී ඇති බවත්, ඒ හේතුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයන් විසින් විදේශීය ගිණුම් වෙත හරවාගෙන ඇති බවත් සංවිධානය පෙන්වා දෙයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම සිද්ධිය හුදෙක් තාක්ෂණික දෝෂයක් ලෙස සැලකිය නොහැකි අතර, රාජ්‍ය පාලන පද්ධතිය තුළ පවතින බරපතළ අඩුපාඩු සහ පාලන දුර්වලතා හෙළිදරව් කරන සිදුවීමක් බවයි.

තවද, මෙම සිද්ධිය හේතුවෙන් මූල්‍ය පාඩුවක් පමණක් නොව, නිලධාරියෙකුගේ ජීවිතයද අහිමි වූ බැවින්, එය ගැඹුරු සමාජ හා ආයතනික බලපෑම් ඇති කළ ඛේදවාචකයක් ලෙස සැලකිය යුතු බව Free Lawyers සංවිධානය අවධාරණය කරයි.

එම සංවිධානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, 

ජූනි 13 භාණ්ඩාගාර මංකෝල්ලය පූර්ණ වාර්තාව by poornima