සමෘද්ධි සේවකයින් දේශපාලනයට යොදා ගත්තේ නෑ - උපාලි සමෘද්ධියට ඉදිරියෙදි වෙන දේ ගැන කියයි
ඉකුත් රජයන් සමයේ මෙන් සමෘද්ධි සේවකයින් දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා නොගත් බවත් රාජ්‍ය සේවකයාට හිමි ගෞරවය ලැබෙන අයුරින් සේවය කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ඇති බවත් ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ 29 වන ජාතික සම්මේලනයට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මාලිමා රජය ඉතාමත් කෙටි කාලයක් තුළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටළු රැසකට විසඳුම් ලබා දීමට කටයුතු කළ බවයි.
එසේම විශ්‍රාම වැටුප් ගැටළුව, වැටුප් අධිභාරය සම්බන්ධ ගැටළුව, වැටුප් කේත සම්බන්ධ ගැටළුව සහ ප්‍රශ්නගත සේවකයන් සම්බන්ධ විමර්ශන කඩිනම් කර ඒවාට විසඳුම් ලබාදුන් බවත් ඔහු පවසා ඇත.
පාස්කු බෝම්බකරු ජේවීපී එකේ ජාතික ලැයිස්තුවෙන්.. ගෝඨා ජනාධිපති කරවන්න ජෙවීපී එකත් සපෝට් කළා - නාමල් එළි කරයි
ඊට අමතරව එහිදී ඔහු කියා ඇත්තේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල සේවයක් කරමින් සිටින බැවින් කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට සූදානමක් නොමැති බවයි.
එබැවින් ඉතාමත් ශක්තිමත්ව, ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, සේවක උසස්වීම් පටිපාටිය මේ වසර තුළ අවසන් කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වේත උපදෙස් ලබා දී ඇති බවත් සඳහන්.
කෙසේ වෙතත් මෙම අවස්තාවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිළධාරීන්, සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ නිලධාරීන්, සාමජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.
සහරාන්ගේ ලෝයර් මම නෙවෙයි හැබැයි හිටපු නඩුවක.. මේවට මාව නවත්වන්න බෑ - සමාජ මාධ්‍ය කළඹපු පුවතේ ඇත්ත නැත්ත මෛත්‍රී එළි කරයි