හෙට දිනයේදී ජනතාව වෙනුවෙන් නොමිලේ විශේෂ වැඩසටහනක්
නොවැම්බර් 14 වන දිනට යෙදී ඇති 2025 දී ලෝක දියවැඩියා දිනය සදහා ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර තිබේ.
එම වැඩසටහනට අනුව හෙට පෙ.ව 6.30ට දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමනක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ සිට ආරම්භ වේ.
පසුව පෙ.ව. 7.30ට සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ දී සෞඛ්‍ය කඳවුරක් ඇතුළුව දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට සූදානම් කර ඇත.
මෙය සියලු කටයුතු නොමිලයේ සිදුකරන බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය නිවේදනය කර ඇත.