ඔබේ ක්‍රෙඩිට් කාඩ් සුරක්ෂිතද? SMS වංචාව ගැන අලුත්ම තොරතුරු මෙන්න

Report

ශ්‍රී ලංකාවේ මූල්‍ය වංචාකාරීන් විසින් SMS පණිවිඩ හා ඔන්ලයින් (ඊමේල්, WhatsApp, Viber ආදිය) මගින් ක්‍රෙඩිට් කාඩ් පත් අත්හිටුවා ඇති බව සඳහන් කරමින් පුද්ගලයන්ගෙන් මුදල් පැහැරගැනීමේ ජාවාරමක් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතින බව Sri Lanka CERT | CC (Computer Emergency Readiness Team | Coordination Centre) ආයතනය අනතුරු ඇඟවා තිබේ.

මේ සිදුවීම් සම්බන්ධව අත් අඩංගුවට ගැනීමක් සිදුවන බවටද තර්ජනාත්මකව පැවසෙන නිසා රුපියල් ලක්ශ ගනනක් ගෙවා ඉන් ගැලැවීමට වංචාවට හසූ වූවන් කටයුතු කර ඇත.

ඉරානයට දැඩි පහරක් - IRGC බළකාය ත්‍රස්තවාදී ලැයිස්තුවට

ඉරානයට දැඩි පහරක් - IRGC බළකාය ත්‍රස්තවාදී ලැයිස්තුවට

වංචාකරුවන් භාවිතා කරන ප්‍රවේශ  

1. කෙටි පණිවුඩ සහ මාර්ගගත පණිවිඩ හරහා ව්‍යාජ බැංකු ඇඟවීම්  

කිසියම් සැක කටයුතු ක්‍රියාවක් හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත අත් හිටුවා ඇති බව සදහන් කරමින් සහ සුප්‍රසිද්ධ බැංකු කිහිපයක නම් සදහන් කරමින් මෙම වංචාව සිදු වන බවද දැනගන්නට ඇත. ක්‍රෙඩිට් කාඩ්පත නැවත ක්‍රියාත්මක කර ගැනීමට නම් හැදුනුම්පත් අංකය ඇතුළු පුද්ගලික තොරතුරු එම sms පණිවිඩයේ සදහන් ලින්ක් එක හරහා බැංකුවට ලබාදෙන ලෙස එම පණිවිඩයෙන් කියැවේ.

පැය 24 ක් ඇතුලත එම තොරතුරු share නොකලහොත් කාඩ්පත අවලංගු වන බව හෝ කාඩ්පත්වලින් මුදල් නිකුත් විය හැකි බව හෝ එහි සදහන් වේ.

ක්‍රෙඩිට් කාඩ්පත යොදාගනිමින් ගණුදෙනු කරන පුද්ගලයන් මෙම පණිවිඩයට අනුකූලව කටයුතු කරමින් කාඩ්පත අවලංගු වීම වලක්වා ගැනීම සදහා වහා ලින්ක් එකට ගොස් තමන්ගේ සංවේදී දත්ත ඇතුලත් කිරීම සිදු කර ඇත.

ඉන් පසු වංචාකරුවන් ඉතා සුක්‍ෂමව බැංකු ගිණුමට පිවිස OTP අංකයක් තොරතුරු ලබා දුන් පුද්ගලයාට යවා එම අංකය ලබා ගෙන ඔවුන්ගේ ගිණුම්වල පැවති මුදල් පැහැරගෙන තිබේ.

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් - මීට පස්සේ ඇප්වලින් ටුක් දැම්මත් යන්න වෙන්නේ මේ ගණන්වලට

2. WhatsApp වීඩියෝ ඇමතුම් හරහා පොලිස් රගපෑම  

තවත් පිරිසකට ඔවුන්ගේ ජංගම දුරකථනයට WhatsApp ඔස්සේ වීඩියෝ ඇමතුමක් ලබා දෙන පොලිස් ඇදුමෙන් සැරසුනු වංචාකරුවෙක් තමන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස හදුන්වා දෙමින් රගපෑමක යෙදෙන බවත් අනාවරණය වී ඇත. අපරාධකරුවෙක් පොලිසියේ අත් අඩංගුවේ පසුවන බවත් එම පුද්ගලයා ඇමතුම ලැබෙන අයගේ නම සහ හැදුනුම්පත යොදාගනිමින් ක්‍රෙඩිට් කාර්ඩ් පත් බැංකු කිහිපයකින් ලබා ගෙන රුපියල් මිලියන ගනනක වංචා කර ඇති බවත් සදහන් කරන එම පොලිස් නිලධාරිවරයා ඉන්පසු හැදුනුම්පත් අංකය සහ ගිණුම් අංකද සදහන් කරමින් ප්‍රශ්න කර බලපෑම කරන බවත් එම සියලු තොරතුරු තමන් මීට පෙර ලබා දුන් ඒවා බව ඒ වන විට වංචාවට හසුවූ අයට සිහිපත් කර ගැනීමට ඉඩක් නොලැබෙන පරිදි මෙම ප්‍රශ්න කිරීම සිදු වන බවත් පැමිණිලිවල සදහන් වේ.

එබැවින් මෙම SMS පණිවිඩ හෝ ඔන්ලයින් ඔස්සේ ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසත් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සිදු කරන ව්‍යාජ රග පෑමට හසු නොවන ලෙසත් Sri Lanka CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.   කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර නිල සම්බන්ධතා තොරතුරු භාවිතාකර ඔබේ බැංකුව හෝ අදාළ බලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වන ලෙසත් සැක සහිත වංචා පිළිබඳ තොරතුරු බැංකුව වෙත දැනුම් දෙන ලෙසත් Sri Lanka CERT ආයතනය ඉල්ලා සිටී

ජෝර්ජියේවා පෙබරවාරියේ ලංකාවට

ජෝර්ජියේවා පෙබරවාරියේ ලංකාවට