තවත් බෝම්බ තර්ජනයක් - පිට පිට ජනතාව බය කරන්න හේතුව මොකද්ද? ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන්
මධ්‍යම පළාතේ නාවලපිටිය - පස්බාගේ කෝරලේ සහ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඊමේල් මගින් ලැබුණු බෝම්බ තර්ජන දෙකක් අසත්‍ය බව ආරක්ෂක අංශවල සෝදිසි මෙහෙයුම්වලින් පසු තහවුරු වී තිබේ.
මෙය දින කිහිපයක් ඇතුළත වාර්තා වූ සිව්වැනි බෝම්බ බියක් වන අතර, මීට පෙර මහනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ කටාර් ගුවන් යානාවකට සම්බන්ධ තර්ජන ද අසත්‍ය බව හෙළි වී තිබේ.
බෝම්බ 2ට පුපුරනවා කියලා තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකකට පණිවුඩ - බෝම්බ බිය නිසා විශේෂ සෝදිසි මෙහෙයුම්
නාවලපිටිය - පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙසැම්බර් 29 වැනිදා ලැබුණු ඊමේල් පණිවිඩයක සඳහන් වූයේ ගබඩා කාමරයක බෝම්බයක් තබා ඇති බවත්, එය පස්වරු 2:00ට පුපුරා යන බවත්ය. විදේශයකින් යොමු කළ මෙම පණිවිඩය ලැබීමෙන් පසු, කාර්යාලයේ සේවකයින් සහ මහජනතාව ඉවත් කර, පොලිසිය, විශේෂ කාර්ය බලකාය, හමුදා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය සහ පොලිස් සුනඛ ඒකකය යොදවා සම්පූර්ණ සෝදිසියක් සිදු කෙරිණි. කිසිදු සැක සහිත වස්තුවක් හමු නොවූ බව බලධාරීන් තහවුරු කළහ.
එසේම, පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙසැම්බර් 28 වැනිදා ලැබුණු ඊමේල් තර්ජනයක සඳහන් වූයේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බැවින් පස්වරු 2:00ට පෙර ඉවත් වන ලෙසයි. නිවාඩු දිනයක් නිසා පණිවිඩය සඳුදා දැක ඇති අතර, ආරක්ෂක අංශ පැය හතරකට ආසන්න සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. මෙහිදී ද කිසිදු සැකකටයුතු දෙයක් හමු වී නොමැති අතර, පූර්වාරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
මෙම තර්ජන මාලාවේ මූලාශ්‍රය සොයා ගැනීමට පොලිසිය විමර්ශන සිදු කරමින් සිටින අතර, මෙය මෑතකදී සිදු වූ අනෙකුත් අසත්‍ය තර්ජනවලට සමාන බව පෙනේ.