බෝම්බ 2ට පුපුරනවා කියලා තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකකට පණිවුඩ - බෝම්බ බිය නිසා විශේෂ සෝදිසි මෙහෙයුම්

Report

නාවලපිටිය, පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ විද්‍යුත් තැපෑලට අද දින පණිවුඩයක් ලැබී තිබෙනවා. ඒ අනුව අඳාළ පණිවුඩය මත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය අද (29) හදිසි පරික්ෂාවට ලක්කළ බව වාර්තා වේ.

එම ඊ-මෙල් පණිවිඩය නාවලපිටිය පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වෙත විදේශ රටකින් එවා තිබුණු බවත් එහි සඳහන්ව තිබුණේ, "කූඩාරමක් තුළ බෝම්බයක් ඇත.

එය (29) දින පස්වරු 2:00ට පුපුරා යන බව" යි. මේ හේතුවෙන් වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශිය ලේකම්වරිය එහි කාර්ය මණ්ඩලය සහ පැමිණ සිටි පිරිස ඉවත් කර තිබූ අතර පසුව ප්‍රාදේශිය ලේකම්වරිට විසින් ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් නාවලපිටිය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයද සහයෝගය ඇතිව එම ගබඩා කාමරය පරික්ෂා කිරිමෙන් පසුව එහි සැක කටයුතු කිසිවක් නොමැති බවට තහවුරු වී ඇත.

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු

ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු

එමෙන්ම සිද්ධිය සැල වූ වහාම එම ස්ථානයට පැමිණි මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මිය සඳහන් කළේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලද විද්‍යාත් තැපැල් පණිඩයක් මත ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රය පරික්ෂාවට ලක් කළ බවයි.

එමෙන්ම පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ද අද (29) යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ලද විද්‍යුත් පණිවිඩය ව්‍යාජ එකක් බවට විමර්ශනවලදී හෙළි වී ඇති බව පූජා පිටිය පොලීසිය පවසයි.

එසේ වුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

අඳාළ විද්‍යුත් ලිපිනය මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඊයේ (28) යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමට ඉඩ ඇති බවත් නිලධාරීන් අද (29) දහවල් 02.00ට පෙර ඉවත් වන ලෙසත් දන්වා ඇති බවට වාර්තා විය.

පිටකොටුවේ යන්නේ බලාගෙන - දැනුවත් කිරීමක්

පිටකොටුවේ යන්නේ බලාගෙන - දැනුවත් කිරීමක්

කෙසේ වෙතත් එම පණිවිඩය පෙරේදා දින ලැබී ඇතිමුත් එදින නිවාඩු බැවින් එහි නිලධාරියෙක් එම විද්‍යුත් පණිවිඩය දැක තිබුනේ අද (29) දින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත එහි නිලධාරියෙක් අද (29) පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය සියලුම කාර්ය මණ්ඩලය ඉවත්කර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම නිල සුනඛයන් ගෙන්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් පැය හතරකට ආසන්න කාලයක් එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

අවදානම යළිත් - මේ ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාවක් සමග තද මීදුම් තත්ත්වයක්

අවදානම යළිත් - මේ ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාවක් සමග තද මීදුම් තත්ත්වයක්