ස්ථාන 5ක බෝම්බ - මහජන කලබලයක් - දකුණු ආසියානු රටකින් ආවා කියලත් තොරතුරු

Report

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල ඊමේල් ලිපිනයට බෝම්බ පිපිරීමක් සිදුවන බවට තර්ජනයක් සහිත ඊමේල් පණිවිඩ දෙකක් ලැබී ඇත්තේ දකුණු ආසියානු රටකින් බව රජයේ පුවත්පතක් වාර්තා කරයි.

එම වාර්තා අනුව, පසුගිය දෙසැම්බර් මාසයේදී ද එම රටම සිට සමාන ඊමේල් එවා තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පළමු ඊමේල් පණිවිඩය පසුගිය 23 වැනිදා ලැබී ඇති අතර, ඒ ගැන දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කර ඇත්තේ 26 වැනිදා පෙරවරුය.

බෝම්බ 2ට පුපුරනවා කියලා තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකකට පණිවුඩ - බෝම්බ බිය නිසා විශේෂ සෝදිසි මෙහෙයුම්

බෝම්බ 2ට පුපුරනවා කියලා තවත් ප්‍රා.ලේකම් කාර්යාල දෙකකට පණිවුඩ - බෝම්බ බිය නිසා විශේෂ සෝදිසි මෙහෙයුම්

දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතාට කළ පැමිණිල්ලකට අනුව බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා කාර්යාල පරිශ්‍රය සෝදිසි කර ඇත.

එහිදී කාර්යාලයේ නවතා තිබූ සියලු වාහන පරීක්ෂා කිරීමෙන් පසු මෙම තොරතුර ව්‍යාජ බව පොලිසිය තහවුරු කළේය.

ඉන් පැයක් පමණ ගත වීමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල ඊමේල් ලිපිනයට තවත් පණිවිඩයක් ලැබී ඇති අතර, එහි සඳහන් වූයේ පස්වරු 4.00ට පෙර පරිශ්‍රයේ පිපිරීමක් සිදුවන බවයි.

යළිත් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු බෝම්බ නිෂ්ක්‍රීය අංශ ඇතුළු කණ්ඩායම් පැමිණීම නිසා කාර්යාල සේවකයන් බහුතරයක් බියට පත්ව දින භාගයක නිවාඩු ලබා පිටව ගොස් ඇති බැවින් සේවා ලබාගැනීමට පැමිණි මහජනතාව දැඩි අසීරුතාවට පත්වූහ.

නත්තල් නිවාඩුවෙන් පසු සති අන්තයට පෙර විවෘත වූ එකම දිනය වූ 26 වැනිදා රියැදුරු බලපත්‍ර අලුත් කිරීම ඇතුළු සේවා ලබාගැනීමට නොහැකි වීමෙන් තමන් දැඩි අපහසුතාවන්ට පත්වූ බවට පැමිණි පිරිස් ප්‍රකාශ කළහ. 

මහනුවර බෝම්බ තර්ජන ගැන CID පරීක්ෂණ

මහනුවර බෝම්බ තර්ජන ගැන CID පරීක්ෂණ

  

වෙඩි තබා 4ක් මරපු පාතාල හිට්මෑන් අපරාධ පැටිකිරියෙන් වමාරයි - ඇඟ කිළිපොලන පාපොච්චාරණය

වෙඩි තබා 4ක් මරපු පාතාල හිට්මෑන් අපරාධ පැටිකිරියෙන් වමාරයි - ඇඟ කිළිපොලන පාපොච්චාරණය

ලොකු පැටි නැවත රක්ෂිත බන්ධනාගාරයට

ලොකු පැටි නැවත රක්ෂිත බන්ධනාගාරයට