දැදුරුඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ

Report

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක්, එක් එක්ව 2 අඩි විශාලත්වයෙන් විවෘත කර ඇති අතර, එම ජලාශයෙන් තත්පරයට ඝන අඩි 5,600 බැගින් ජලය නිකුත් වන්නේ යැයි වාරියපොල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කර සිටී.

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක්, එක් එක්ව 1 අඩි විශාලත්වයෙන් විවෘත කර ඇති අතර, ඝන අඩි 1,220 බැගින් මී ඔයට ජලය මුදා හරින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය.

මේ අතර, ඊයේ පස්වරු කාලයේ ප්‍රදේශ රැසකට ඇඳහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇත.

මේ ධීවර ප්‍රදේශවල ජනතාව වහාම ඉවත් වෙන්න - දරුණු අනතුරු ඇඟවීමක්

මේ ධීවර ප්‍රදේශවල ජනතාව වහාම ඉවත් වෙන්න - දරුණු අනතුරු ඇඟවීමක්

කලු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වය දක්වා තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ගිං ගඟේ ජල මට්ටම බද්දේගම සහ තවලම ප්‍රදේශවලින් ඉහළ ගොස් ඇති බව, නිල්වලා ගඟේ ජල මට්ටම තලගහගොඩ සහ පානදුගම ප්‍රදේශවලින් ඉහළ ගොස් ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

එන්න එන්නම තද වැස්ස නිසා ගංවතුර අනතුරු ඇඟවීමක්

එන්න එන්නම තද වැස්ස නිසා ගංවතුර අනතුරු ඇඟවීමක්