වියළි කාලගුණයෙන් ජලාශවලට දැඩි පහරක්- දිස්ත්‍රික්ක රැසක ජල මට්ටම 30%ටත් වඩා අඩුවෙයි

Report

වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව යටතේ පාල­නය වන බොහෝ ජලා­ශ­වල මේ වන විට ජල මට්ටම ශීඝ්‍ර ලෙස අඩු වෙමින් පව­තින බව වාරිමාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ දත්ත සඳ­හන් කර තිබේ.

ඒ අනුව අම්පාර දිස්ත්‍රි­ක්කයේ වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව යටතේ පාල­නය වන ප්‍රධාන ජලා­ශ­වල මේ වන විට අඩුම ජල මට්ට­මක් පව­තින අතර එම ජලා­ශ­වල ජල මට්ටම 22.8% දක්වා අඩු වී තිබේ .

මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්කයේ ජලාශ 4ක පව­තින ජල මට්ටම 26%ක් වන අතර, ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්කයේ ප්‍රධාන ජලා­ශ­වල එම ජල මට්ටම 28%ක් වාර්තා වේ

මන්නා­රම දිස්ත්‍රි­ක්කයේ ජලාශ 4ක ජල මට්ටම 40.6%ක් ලෙසත්, හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ ජලාශ 10ක ජල මට්ටම 41.7%ක් ලෙසත්, පොලො­න්න­රුව දිස්ත්‍රි­ක්කයේ ද ජලාශ 4ක ජල මට්ටම 42.3%ක සාමාන්‍ය අග­යක පව­තින බවත් එම වාර්තා­වල සඳ­හන් වී තිබේ.

බදුල්ල දිස්ත්‍රි­ක්කයේ ජලාශ 7ක ජල මට්ටම 44.1%ක් පව­තින අතර අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ ජලාශ 10ක ජල මට්ටම 47.2% දක්වා අඩු වී ඇත.

වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව යටතේ පාල­නය වන ගාල්ල, මහ­නු­වර, මොන­රා­ගල, පුත්ත­ලම හා කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­වල ඇති ජලා­ශ­වල පම­ණක් මේ වන විට ජල මට්ටම 50%ක සාමාන්‍ය අගය ඉක්මවා තිබේ .

ඒ අනුව ගාල්ල දිස්ත්‍රි­ක්කයේ ජලාශ 2ක මේ වන විට පව­තින ජල මට්ටම 55.9%ක් වන අතර මොන­රා­ගල ජලාශ 4ක ජල මට්ටම 59.9%ක් දක්වා අඩු වී තිබේ.

මහ­නු­වර ජලාශ 3ක ජල මට්ටම 64.2%ක් වන අතර පුත්ත­ලම ජලාශ 2ක ජල මට්ටම 69.2%ක් වෙයි.

  මේ වන විට වැඩිම ජල ධාරි­තා­වක් ඇත්තේ වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව යටතේ පාල­නය වන කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ පව­තින ජලා­ශ­ව­ලයි.

ඒ අනුව කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ ජලාශ 10ක 76.7%ක ජල ධාරි­තා­වක් පව­තින බව ද වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ තොර­තු­රු­වල සදහන් වී තිබේ