ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගමකින් ශ්‍රී ලංකාවේ වරාය කේෂ්‍ත්‍රයට නව ආයෝජන අවස්ථා - කොළඹ වරායේ හදන්න යන දේ

Report

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත රජයේ නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස් මහතා වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදු කර ඇත.

ඒ අද(17) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි. අඳාළ සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල යන මහත්වරුන් ද සහභාගී වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී නියෝජ්‍ය තානාපතිවරයා ප්‍රධාන ලෙස අවධානය යොමු කළේ ශ්‍රී ලංකාවේ වරාය ක්ෂේත්‍රයට නව ආයෝජන අවස්ථා සඳහා යෝජනා, අදහස් සන්නිවේදනය කරගැනීමට බව සඳහන්.

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

හෙට සිට දින 11ක් මේ සියලුම සුරාසැල් වැසෙයි - විශේෂ නිවේදනයක්

එමෙන්ම ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර නැව් සමාගමක් වන MSC (Mediterranean Shipping Company) සමාගම මඟින් ශ්‍රී ලංකාවේ වරාය කේෂ්‍ත්‍රයේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් උනන්දුව පළ ක‍ර ඇත.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ද මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බව නියෝජ්‍ය තානාපතිවරයා එහිදී වැඩිදුරටත් සිහිපත් කළා.

එසේම ඔහු අවධාරණය කළේ ස්විස් තානාපති කාර්යාලයේ කාර්යභාරය වන්නේ ව්‍යාපාරික සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම බවයි.

එහිදී විෂයභාර අමාත්‍යවරයා අදහස් දක්වමින් වරාය ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා පෞද්ගලික ආයෝජකයාට මෙහෙයුම්, මානව සම්පත් සහ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු සහ සාධාරණ නිදහසක් ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බව පැවසුවා.

සියලුම පාරිභෝගිකයන්ට දැනුම්දීමක් - පොලිතීන්, ප්ලාස්ටික්, වතුර බෝතල් සහ මේ හෙල්මට් සම්බන්ධයෙනුත් නව නීති රැසක්

සියලුම පාරිභෝගිකයන්ට දැනුම්දීමක් - පොලිතීන්, ප්ලාස්ටික්, වතුර බෝතල් සහ මේ හෙල්මට් සම්බන්ධයෙනුත් නව නීති රැසක්

එමෙන්ම රටේ සංවර්ධනය උදෙසා නිවැරදි තීන්දු තීරණ ගැනීමට රජය සූදානම් බවත් සඳහන් කළා.

එම සාකච්ඡාවේ දී ඉදිරි සැලසුම් ව්‍යාපෘතියක් වන කොළඹ වරාය තුළ අක්කර 14ක පමණ භූමි ප්‍රමාණයක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ සැලැස්ම පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමුව ඇත.

තවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනයත් සමඟ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය නැවත වර්ධනය වෙමින් පවතින අතර, වරාය, ලොජිස්ටික්ස් සහ ගුවන් සේවා ක්ෂේත්‍රවල ජාත්‍යන්තර පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම රජයේ ප්‍රමුඛ අවධානයක් වී ඇති බව සඳහන්.

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි

රත්තරන් මිල මෙච්චර අඩුවට - ලංකාවේ රත්තරන් මිලට ඇස් උඩ යයි